Posts

Showing posts from September, 2022
Image
  යහන්ගල … යහන්ගල යනු පසුගිය වසර දෙක තුළදී දේශීය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වූ ස්ථානයකි . රාවණා පුරාවෘත්තය සම්බන්ධ කෙරෙන ස්ථානයක් වීමත් සීගිරිය වැනිම හැඩයකින් යුතු අමුතුම කදු මුදුනක් වීමත් ඊට හේතු වූ බව අපට සිතිය හැකිය . යහන්ගල යනු නක්ල්ස් කදුවැටි කලාපයටම අයත් තවත් එක් කදු මුදුනක් වන අතර එය පිහිටා ඇත්තේ නක්ල්ස් වල ගිණිකොණ දිග බෑවුමේය . නක්ල්ස් කදුකර කලාපය   යනු හෙක්ටයාර 22000 ක් පුරා පැතිර ඇති වැදගත් පරිසර කලාපයකි . මහනුවර හා මාතලේ සම්බන්ධ කෙරෙන මේ කදුකර කලාපය තරමක් හුදෙකලා ගතියක් පෙන්නුම් කරයි . ඊට හේතුව වන්නේ මේ කදුකර කලාපයට පිවිසීමට ඇති අපහසුතාවය ලෙස හැදින්විය හැකිය . නක්ල්ස් කදුකර කලාපයේ හුදෙකලා ගම්මාන 50 ක් පමණ ඇති බව මූලාශ්‍ර සදහන් කරන අතර ඉන් වඩා ජනප්‍රිය වූ ඓතිහාසික ගම්මානයක් ලෙස මීමුරේ හැදින්විය හැකිය . මීමුරේ ගම්මානය තවද ජනප්‍රිය වීමට එම ගමටම ආවේණික වූ ලකේගල කදු මුදුනද බලපෑවේය . වර්තමානය වනවිට නම් මීමුරේ යනු තවත් හුදෙකලා ගම්මානයක් නොවේ ...