යහන්ගල…
යහන්ගල
යනු පසුගිය වසර දෙක තුළදී දේශීය
සංචාරකයින් අතර වඩාත්
ජනප්‍රිය වූ ස්ථානයකි.
රාවණා පුරාවෘත්තය සම්බන්ධ කෙරෙන
ස්ථානයක් වීමත් සීගිරිය
වැනිම හැඩයකින් යුතු අමුතුම කදු මුදුනක්
වීමත් ඊට හේතු වූ බව අපට සිතිය හැකිය. යහන්ගල
යනු නක්ල්ස් කදුවැටි
කලාපයටම අයත් තවත් එක් කදු මුදුනක්
වන අතර එය පිහිටා ඇත්තේ නක්ල්ස්
වල ගිණිකොණ දිග බෑවුමේය.
නක්ල්ස් කදුකර කලාපය යනු හෙක්ටයාර
22000 ක් පුරා පැතිර
ඇති වැදගත් පරිසර
කලාපයකි. මහනුවර හා මාතලේ සම්බන්ධ කෙරෙන
මේ කදුකර කලාපය
තරමක් හුදෙකලා ගතියක්
පෙන්නුම් කරයි. ඊට හේතුව වන්නේ මේ කදුකර කලාපයට පිවිසීමට
ඇති අපහසුතාවය ලෙස හැදින්විය
හැකිය. නක්ල්ස් කදුකර
කලාපයේ හුදෙකලා ගම්මාන
50ක් පමණ ඇති බව මූලාශ්‍ර සදහන්
කරන අතර ඉන් වඩා ජනප්‍රිය වූ ඓතිහාසික ගම්මානයක් ලෙස මීමුරේ
හැදින්විය හැකිය. මීමුරේ
ගම්මානය තවද ජනප්‍රිය
වීමට එම ගමටම ආවේණික වූ ලකේගල
කදු මුදුනද බලපෑවේය.
වර්තමානය වනවිට නම් මීමුරේ යනු තවත් හුදෙකලා ගම්මානයක් නොවේ. වෙලන්ගොල්ල පතන යනු නක්ල්ස් කදුකර
කලාපයේ පිහිටි පිටවල
පතන වැනිම තවත් එක් පතනකි. මේ පතන තුළ ලෙකේගල
කදුමුදුනද පිහිටා ඇති අතරම එහිම පිහිටා
ඇති තවත් කදු මුදුනක් ලෙස අද අප කතා කරන යහන්ගල හැදින්විය හැකිය.
මෙම කදු මුදුන අයත් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටයි. ඔබ යහන්ගල සංචාරයක් සදහා යාමට අපේක්ෂා කරන්නේ
නම් මුලින්ම පැමිණිය
යුත්තේ මහනුවර නගරයට
හෝ මහියංගණය නගරයටයි.
මහනුවර සිට ගමන් කරන්නේ නම් උඩදුම්බර
හෝ මහියංගණය බස් රථයක පැමිණ උඩදුම්බර
නගරයෙන් බැසිය යුතුය.
කිලෝමීටර 45ක් පමණ දුර මේ ගමනට පැය එක හමාරක්
පමණ කාලයක් ගතවේ.
මහියංගණයේ සිට උඩදුම්බරට
දුර කිලෝමීටර 30ක් පමණය. උඩදුම්බර නගරයේ
සිට ඔබ දෙවනුව
කලුගල ග්‍රාමය වෙත ගමන් කළ යුතුය.
සෑම පැයකට වරක්ම
කලුගල වෙත බසයක්
එහි සිට දිවෙන
අතර උඩදුම්බර හා කලුගල අතර දුර කිලෝමීටර 12ක් පමණ වේ. මේ යන ගමනේදී ඔබට තවත් සොදුරු දිය ඇලි දාමයන් දෙකක් මුන ගැසෙන අතර ඒ තලගුණේ ඇල්ල හා ගැරඩි ඇල්ලයි. කෙත්වතු
මැදින් දිවෙන මේ මාර්ගයද අතිශය මනරම්
එකකි.
ඔබේ ගමනාන්තය වන කලුගලට
පැමිණි විට යහන්ගල
දෙසට යන මාර්ගය
හදුනාගැනීම අපහසු නොවන්නේ
ප්‍රාදේශීය සභාව මගින්
නාම පුවරු ආදිය සකස් කර තිබෙන
නිසාය. ගමේ ජනතාවගෙන්ද ඔබට මේ ගමනේ මග තොරතුරු විමසීම කළ හැකිය. කලුගල පාර අවසන් වන තැනින්
පසුව වනය පටන් ගන්නා අතර එය උඩක්කාව ගම දෙසට දිව යයි. මෙහිදී
මාර්ගය දෙකට බෙදෙන
තැනක් හමුවන අතර එයින් ඔබ ගමන් කළ යුත්තේ වම් පසටයි. එහි දිගටම
ගමන් කළ විට ඔබ පිවිසෙන්නේ වෙලන්ගොල්ල පතන වෙතයි.
වෙලන්ගොල්ල පතන යනු මානාවලින් වටවූ සුන්දර
පතනකි. මෙහි කුරු වන අලි වෙසෙන
අතර යහන්ගල යන ඔබ මෙම පතන හරහා ගමන් කිරීමේදී
දැඩි විමසිලිමත්ව ගමන් කළ යුතුවේ. පතනේ එක් එක් තැන්වලට යහන්ගල
පර්වතය විවිධාකාර ස්වරූප වලින්
දැකිය හැකිය. කන්දේ
වම් පසින් මෙන්ම
දකුණු පසින්ද වෙත ගමන් කිරීම කළ හැකිය. වෙලන්ගොල්ල පතනේ උඩක්කාව
ග්‍රාමය දෙසට වන්නට
ඕනෑ තරම් ජල මූලාශ්‍ර ඇති නිසා ජලය සොයා ගැනීම
එතරම් අපහසු නොවේ.
කන්ද තරණය තරමක්
අපහසු වන අතර කලින් සංචාරකයින් ගමන් කළ මාර්ගය ඇති නිසා නව මාර්ග සෙවීම
අනවශ්‍ය වේ. පතනේ වම් පසින් ගොස් කන්ද තරණය තවත් අපහසු කටයුත්තක් බව මූලාශ්‍ර
සදහන් කරන්නේ එහි වැඩි බෑවුම් තැන් හමුවන නිසාවෙනි. වෙලන්ගොල්ල පතන හරහා යන ගමනේදී
කලුගල සිට දුර කිලෝමීටර 7කි. උඩඉලුක
ගම හරහා යන්නේ
නම් එහි දුර කිලෝමීටර 3කි.

Comments
Post a Comment