අසන් මිනිසුනේ😔
නිල්ල දිලෙන
තුරු යායේ...
ගීත ගයන විහග රැලට
සුවඳ මලට
මුව තබමින්
රොන් උරනා
බිඟු රෑනට
උන්හිටි තැන්
අහිමි කළේ
දියුණුවේ මංපෙත් හොයලද
නපුරු මිනිසුනේ
වින කරමින්
තුරු වියනට
තැනුවට සුවිසල් මන්දිර...
එරෙහි වෙලා සොබාදහමට
අද පමණයි
හෙටක් නොමැත
සිතන් මිනිසුනේ
රැකුනෙත්
නිල් තුරු යායම රැකෙයි අපත්
මුළු ලොවමත්
නොහැකි වුණොත්
දිවි ගෙවන්න
අනුගත වී සොබාදමට
සොඳුරු හෙටක්
අපට අහිමි වේවි
මිනිසුනේ....

.jpeg)
❤️
ReplyDelete