ගැහැණියෙක් නම් !
ගැහැණියෙක් නම් මෙහෙම වෙන්න...
එක දවසක් හරි කිසිම කෙනෙක්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී ඉදලා තියෙනවද? එක දවසක් බලාපොරොත්තු නොවී ඉදල බලන්න.....
ඔලුව කැක්කුමක් ආවම පැනඩෝල් දෙකක් ලගට ගෙනත් දෙයි කියලා බලාපොරොත්තු වෙන ගැහැණියක් නෙවෙයි බැරි බැරිගාතේ හරි තමන්ම ගිහින් පැනඩෝල් දෙකක් බීලා...එන්න පුලුවන් තරම් ආත්ම ශක්තියක් තියෙන ගැහැණියක් වෙන්න....
ඇදුමක් ඇන්දම කාගෙන්වත් ලස්සනයි කියන එක බලාපොරොත්තු නොවී... කණ්ණාඩිය ඉස්සරහට ගිහින් අනේ මට මේක ලස්සනයි කියලා තමන්ට හැගෙන විදිහෙ ගැහැණියෙක් වෙන්න...
ආස දේවල් මට ගෙනත් දෙයි කියලා බලාපොරොත්තු වෙන ගැහැණියක් නෙවෙයි මං ආස දේවල් මටම ගිහින් ගන්න පුලුවන් තරම් ආර්ථික මට්ටමක් තියෙන ගැහැණියක් වෙන්න...
ගැහැණු අපට මෙහෙම බෑ ... ඇයි? දන්නවද ගැහැණු අපි බලාපොරොත්තු වෙනවා වැඩියි එහෙම වුණාම බලාපොරොත්තු වෙන පොඩි දෙයක් හරි නොලැබුණොත් දුක විතරයි ඉතුරු වෙන්නේ...
දවසක් ඉදලා බලන්න කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී... එදාට දැනෙන සතුට අත්විදලා බලන්න.. එතකොට හිතෙයි ඇයි මං බලාපොරොත්තු වෙවී දුක් වුණේ කියලා....

❤
ReplyDelete