96 isnot only film..It is a life in majorities...

 96 is not only film..It is a life in majorities..💔💔💔


සසර මඟ යළි 

හමුවෙන්නට පිං ඇතිමුත්,

අයිති කරගන්නට පිනක් නැති,

දෙන්නා දෙතැනක

මතක් කර කර සුසුම් හෙලනා,

පෙම් කවක් ඇති

යළිත් කිසි දින පද නොගැයෙනා,

නො කියූ හැඟුමන් කියන්නට 

නුඹත් මඟ බලන් උන්නා වෙන්නැති,

නො ඇසූ කාරණා අසන්නට

මමත් මඟ බලන් උන්නු අන්දම

අදත් රහසකි,

සසරේ මෙලෙසින්

එක්ව වෙන් වෙන

දිනක් කිසිදා නොපැතුවත් අපි,

මෙයම වෙන්නැති උරුම ඉරණම,

ඉතිං එහෙනම් වෙන්ව යමු අපි

හදෙහි කැළඹෙන පෙමත් අරගෙන,

මතක ඇතිවම පැතුම් පුරපං

ලබන භවයේ මගෙම වෙන්නට....💕💕



             

Comments

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔