ආදරේ
හිරු සඳු නොම වියන්,
නුඹ මගේ අහසට,
වියන් නුඹ පුංචිම පුංචි තරු මලක්,
කිසිදා බැස නොගොස්,
මටම විතරක් එළිය දෙන....
මහ සයුරක් නොම වියන්,
නුඹ මගේ ලෝකෙට,
වියන් නුඹ එකම එක දිය බිඳක්,
අවැසි සැම විටම පවස නිවන....
සක්විති රජෙක් නොම වියන්,
නුඹ මගේ දිවියට,
සම වියන් නුඹ මගේ අප්පච්චිට,
හීනෙකින්වත් මා අතැර නොගොස්,
පන මෙන් මා රකින....
එපා මට වෙන කිසිම වස්තුවක්,
දියන් මේ ටික විතරක්ම..
රකින්නම් මං නුඹව,
ඇස් පියන් යට සඟව.....

Comments
Post a Comment