ඇගයුමට අවසරයි
දිගැටි නීල ඇස් ඇතුළත සැගවී සිටිනා ඔබ මට එක් විටෙක ප්‍රීතියෙන්, තවත් විටෙක සන්තාපයෙන්.... සිටින හැම මොහොතේදිම මාඅසළින් සිටි නුඹ මට කිසිදා මට අමතක නැත ගුප්ත වුවද ඔබෙ ගත සිත මිනිස් ගතට මෙන් ඔබහට පණ නැතිමුත් කිසිදු දෙයක් පවසන්නට මා නෙත් අගට පැමිණෙන නුඹ මාහට මෙන් අන් අයටද පවසයි මොනවදෝ යමක්.... නිහඩව නිසලව සිටි නුඹ නෙත් අභියසට රූරා වැටෙන අන් කවරෙකු නොව කඳුළු බිදුව නුඹයි මේ වර්ණනාව....

Comments
Post a Comment