පිනැති නැදුන්
නුඹ හැබහින් දැකුමට මා ප්‍රිය කළා සැමවිට සිතට දැනුන හැම මොහොතෙම ප්‍රාර්ථනා කළා එය එසේ වේයැයි කියා නමුදු ඇයි දැයි නොදනිමි නුඹ දැකුමට නොලැබුණි බොහෝ අවස්ථා එනමුත් ආශාවක් වී තිබුණා නුඹ දැකීමට මා නේත්‍රා ... නමුත් ඔබ අද ගිහින් නොකියාම සැම හඩවා ඇයි ද තවමත් කලක් වැජඹෙන්නට නොමැතිදෝ ආශා දළදා හාමුදුරුවන්ට දුන් පොරොන්දු හැම වසරක් පාසා රැකුවා ඔබ නැදුන් අප මිනිසුන්ටත් වඩා නුඹ මහා පිංකාරයි මේ සසරේ අපටත් වඩා මෙවර දළදා හාමුදුරුවන්ගේ තේජස් බල විහිදන්නේ කවුරුන්දා.... කුමක් කරන්දෝ ගෙන ආ ආයුබල කෙලවර හින්දා.... කරගත් පින් බලයෙන් අද නුඹ ඇත අද නිවන් ලබා....

Comments
Post a Comment