රජරට වරුණ

 රෙබරෝසියා මල් නැතත්,

හිනැහෙන්න එකදිගට..

ඇහැල් මල් පූදීවි තනිකමට හැමදාම...

හන්තාන,ආදර කඳු

එහි නැතත් එක පෙලට..

මිහිඳුතල බැබලේවි,

පිං කෙතක් මෙන් උසට...

සීතලට ගුලි වෙන්න,

වරම් නැතිමුත් රජරටට..

ගිනි අව්වේ රශ්මියට,

වෙර අරන් මුළු ගතට,

ජයගන්න කඩයිමක්,

වෙහෙසේවි සොයුරු කැළ,

යදම් පවුරක් විලස...



                   

Comments

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔