පුදසුන මත පරව ගිය මල

 පුදසුන මත පරව ගිය මල

- - - - - - - - - - - - - - - - - - - - - - - -

දෑත් පටලා දුරක් යන්නට,

දුටුව හීනේ මඟදි ඇහැරී,

සොයා නුඹේ රුව,

ඈත දිව ගිය මගේ දෙනෙතට,

නුඹව හමු විය,

තනිව ඉන්නා විටක නිහඬව,

අහිමි ප්‍රේමේ කඳුලැලි තුළින්,

සිනාසුනි නුඹ අහිංසක ලෙස,

කඳුලු හංඟා ගෙන හොරෙන්.....


දුටුවමුත් නුඹේ අහිංසක වත,

කඳුලු පිරි මගේ දෙනෙත් අතරින්,

සිනාසෙන්නට මතක නැති විය,

අහිමි වෙන බව දත් නිසා,

කිමද ලඳුනේ මාව හැරදා,

ඈතකට යන්නේ ඉතිං...?

ලඟින් හිඳ මට කියන් මැණිකේ,

නුඹ මගේ බව යලි යලිත්.....


බැස නොයන් හිරු කියා කීවද,

නො අසාවි හිරු බස් මගේ,

ඒ හිරු බැස යන ගොම්මන් යාමේ,

බැරිද වස්තුවේ යලිත් එන්නට,

සිනාසී වෙනදා වගේ,

නොඑන ගමනක්ද නුඹ මේ යන්නේ,

අහනවා සිත හැමවරේ,

පිපෙනු මැන නුඹ යළිත් සසරේ,

නොමියනා සරසියක් වී........


       


                

Comments

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔