කෑගල්ලට නම ලැබුණු හැටි

 

          සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයට "කෑගල්ල "

නමින් නම ලැබීමට හේතු සාධක වූ ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් ඇත.එම ජනප්‍රවාදය මෙසේය.

              එක්තරා රජ කෙනෙක් තම බිසව හා ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග ගම් නියම් ගම්වල සංචාරය කළහ.දිනක් ඔවුහු කෑගල්ල නැමැති ස්ථානයේ නතර වී ගලක් උඩට නැගී දවල් ආහාරය ගත්හ.එහිදී රජුට බුලත් විටක් කන්නට සිතුනි.රජතුමා තම බුලත් මඩිස්සලය හා ගිරය අතට ගෙන පුවක් ගෙඩියක් කපා ගිරය ගල මත තැබීය.ටික වේලාවක් එහි ගත කල රජතුමාට ගලමත තිබූ ගිරය අමතක විය.රජතුමා පිරිස සමග එතැනින් පිටත්ව ගියේය.තවත් බොහෝ දුරක් මග ගෙවූ රජතුමා සහ පිරිස ගම්මාන කිහිපයක් පසුකර වෙහෙස මහන්සිය නිවාලන්නට වෙනත් තැනක නතර වූහ.දිය පිපාසයට පත් රජතුමා අසල ඇති පොකුණකින් ජලය පානය කොට බුලත් විටක් කා යලිත් එමිස්සලය ‍යලිත් දිග හැරීය.පුවක් ගෙඩිය කැපීමට ගිරය සෙවීය.ගිරය කොහෙදැයි ඇමතිවරුන්ගෙන් විමසීය.ඇමතිවරුන් ගිරය ඇත්තේ බුලත් කෑ ගලෙහි යයි කීය.එදා පටන් රජතුමාගේ ගිරය අමතක වූ ගල කෑගල නමින් බැවහැරයට පත්විය.පසු කාලයේදී එම ගල ප්‍රදේශය කෑගල්ල නම් විය.



Comments

Post a Comment

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔