ඇතිවෙයි - නැතිවෙයි
සැහැල්ලුයි යොවුන් විය
සමනළයෙකු තරමට
ජීවිතය බරක් විය
මහමෙරක් තරමටම
නොදත් නිසාවට ඔබ
ජීවිතේ යථාර්ථය.....
තබනු කෙලෙසද
නවතා යොවුන් විය
ගලා යයි ජීවිතය
මරණය දිසාවටම
හිමි නැති කිසිවක්ම
සැමදා එක ලෙසම
ඇතිවෙයි - නැතිවෙයි
හැමදේම - හැමවිටම
ජීවිතය බැදලන්න
බැදලා එහි ඇති
රසයට ගිජු වෙන්න
කිසිවෙටකත් බැරිය
මරණයට පිටුපාන්න...

Comments
Post a Comment