කෑගල්ලේ පුංචි නුවරඑළිය ❤
කොළඹ සිට කෑගල්ලට පැමිණ (කි.මී.78) බුලත්කොහුපිටියට කි.මී 25ක් යන විට මේ පුංචි නුවරඑළිය ඔබට දිස්වේ.කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටිය ප්‍රා.ලේ කොට්ඨාසය ඉතා සුන්දර කදුකර අත්දැකීම් විදගත හැකි පෙදෙසකි.මෙය එක් පසකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයටයි. පැලැම්පිටිය හරහා මහනුවරට මායිම් වේ.
ප්‍රදේශයේ උසම ස්ථානය උඩපැලැම්පිටිය වේ.මුහුදු මට්ටමින් අඩි 4000ක් උසවේ.නිතරම මිහිදුමින් බර සිසිල් ප්‍රදේශයකි. බුලත්කොහුපිටියේ සිට දේදුගල,පැලැම්පිටිය හරහා යන මාර්ගයක් දක්නට ඇත.සුන්දරම දර්ශන සහිත පාරවල් බොහෝමයකි. බුලත්කොහුපිටියේ සිට දේදුගලට කි.මී 12ක් ඇත.මාර්ගය පටු වුවත් නිදහසේ යාමට සකස් කර තිබේ.දේදුගල සිට පැලැම්පිටියට තවත් කි.මී 7ක් කදු නැගිය යුතුය. සෑම මාර්ගයක්ම වැලමිටි වංගුවලින් පිරී ඇත.දර්ශනීය වංගු 9ක් එක තැන බලා ගැනීමට හැකිවේ.ඒ අතරතුර දිය ඇලි ගණනාවකුත් දකින්නට පුලුවන්.දහවල් කාලයේදීද විගසම මීදුමෙන් වැසී යන අතර දේශගුණය සිතට සිසිලසක් එක් කරනු නොඅනුමානය.කදු මුදුනක් උඩ ඇති පන්සල සහ කැල්වින් ජන්පදයේ ඇති පත්තිනි දේවාලයද දක්නට ලැබේ.මෙහි පැමිණෙන ඔබ සියලු දෙනා ස්වභාදහමට හානි නොකර ලෙන්ගතු වන්න..



My favourite places❤
ReplyDelete👍❤️
ReplyDelete😍😍
ReplyDelete👍👍
ReplyDelete