සරදියෙල් කන්දේ යටගියාව❤
කොළඹ සිට මහනුවර දක්වා නුවර මාර්ගයේ ගමන් ගන්නා විට කෑගල්ල නගරයත් මාවනැල්ල නගරයත් අතරතුරදී වම්පසින් සුවිශේෂී හැඩයකින් යුතු ගිරි කුලක් දක්නට ලැබේ.එය නමින් උතුවන් කන්ද වේ.මෙය "ලංකාවේ රොබින් හුඩ්"නමින් ප්‍රචලිතව පවතී.එලෙස හැදින්වීමට හේතුව වන්නේ එකල විසූ සරදියෙල් නම් පුද්ගලයෙකු නිසාය.සූර සරදියෙල් යනු 19වන සියවසේ මැද භාගයේදී සුදු ආක්‍රමණිකයන්ට මහත් හිසරදයක් වූ මංකොල්ලකරුවෙකි.නමුත් ඔහු දුප්පතුන් වෙනුවෙන් සැම විටම කටයුතු කරන අයෙකි.විශේෂයෙන්ම ඉංග්‍රීසින්ගේ බොහෝ වස්තූන් සරදියෙල් ඇතුළු කණ්ඩායම කොල්ලකන ලදි.ඔවුන් එලෙස කොල්ල කෑදෑ ගම්මුන් අතර බෙදා දුන්නහ.මේ නිසා සූර සරදියෙල් "ලංකාවේ රොබින් හුඩ්" නමින් විරුදාවලි ලැබීය.ඔහු ජීවත්වූ ප්‍රදේශය එම පර්වතය රොබින් හුඩ් නමින් ප්‍රසිද්ධ විය.කන්ද උඩරටට පිවිසෙන නිමේෂයෙහි පිහිටා ඇති මෙම මනරම් පර්වතය තරණය තරමක් වෙහෙසකරය. සරදියෙල් පර්වතයේ මුල් භාගයේ රබර් වගා කර ඇතත් ඉහළට ගමන් ගන්නා විට පිවිසෙනුයේ කැලෑ ප්‍රදේශයකටය. පර්වතය මුදුන එළිමහන් ගල් තලාවක් වන අතර එහි කොනක කොතක් වන්වූ උස් ශීර්ෂයකි.මෙම පර්වතය පුරා සරදියෙල් ඇතුළු සගයන් සැගවී සිටි ගුහා පැතිර පවතින බව වාර්තා වේ.පැයක පමණ කාලයක් තුළ තරණය කළ හැකි සරදියෙල් පර්වතය මුදුනේ සිට අවට සුන්දරත්වය මනාව රසවිදිය හැකිය.
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති උතුවන්කන්දට ළගා වීම පහසුය.කොළඹ ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ගමන් කරන විටදී කෑගල්ල නගරයෙන් මොළගොඩ ප්‍රදේශය පසුකර පසුව වම් අත පසට "උතුවන පාර" නමින් මාර්ගයක් හමුවන අතර එකී පටු මාර්ගය ඔස්සේ 1kmක් පමණ ගිය පසු හමුවන දෙමංසන්ධියෙන් වමට (කන්ද උඩට) තරමක් දුර ගිය පසු කන්ද තරණය කළ හැකිය.පර්වතයට ඉදිරිපස "සරදියෙල් ගම්මානය" නමින් ගැමි සුන්දරත්වයෙන් යුත් නිර්මාණය කරන ලද ගම්මානයක්ද දක්නට ලැබේ.



✔💙
ReplyDelete👍
ReplyDelete❤️❤️
ReplyDelete