ඒ හොඳටම ඇති!
ලෝකයේ හොදම කෙනා වෙන්න ඕන නෑ
කාටවත් කරදරයක් නැති කෙනෙක් වුණාම
ඒ හොදටම ඇති...
ලෝකයේ හැම කෙනාගෙම ප්‍රශංසා ඕන නෑ
අනුන්ට කරදරයක් නැතුව ජීවත් වුණාම
ඒ හොදටම ඇති...
ලෝකයේ හැම කෙනාටම අවංක වෙන්න කලින්
තමන් තමන්ට අවංක වුණාම
ඒ හොදටම ඇති...
ලෝකෙට පේන්න ප්‍රතිරූප නඩත්තු කරන්න ඕන නෑ
හිතට එකගව,
තමන්ගෙ කියලා ප්‍රතිපත්ති ගරුකව
ජීවත් වුණාම
ඒ හොදටම ඇති...❤

Comments
Post a Comment