දයාබර විභාගය 💕

 

විටෙක ජය

තව විටෙක පැරදුම

කදුළු සිනහව ගෙනෙන්නේ ඔබමය

මේ රුදුරු ලෝකයේ කිසිදු හව්හරනක් නැති

නිවටයෙකු බවට මා

පත් කරන්නේ ඔබමය

අනුන්ගෙන් සිගා යදින

ආත්මයක් නැති

අසරණයෙකු ලෙස මා හංවඩු ගසන්නේ ඔබමය...


මාගේ අනාගතය ජීවිතය 

තීරණය කරන්නේ ඔබය...

දයාබර විභාගය 

මට පිහිටවනු මැනේ..


හද මගේ හිස් වුවද

බුද්ධියෙන්හා දැනීමෙන්

පිරී ඇත මා මනස

මා මෙසේ යදින්නේ....

නුඹට ඇති බියෙන් නොව,

මගේ මව්‍පියන් හට 

කෘතගුණ දැක්විය යුතු බැවිනි.

දයාබර විභාගය 

මට පිහිටවනු මැනේ....




Comments

Post a Comment

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔