මමත් මිනිසෙකි
මගතොට ඇවිදිමින්
අනුනට අත පාමින්
ලැබෙන
සතයෙන් දෙකෙන්
ගෙවමි දිවිය මම සතුටින්
සිත අකමැතිමුත්
ආයාචනයට
මුවග නොපැකිලෙයි
ආයාචනයට
පිළුණු අහරට
කුස කැමතිය
කුසගිනි නිවුමට
සිත අකමැතිමුත්
මහමග නිදනට
මා නෙත් කැමතිය..
නමුදු
නිදනට සිත කැමතිමුත්
මගේ දරු සෙනෙහසට
ඔවුන් අකමැතිය
ඒ සෙනෙහස
පිදුමට හා ලැබුමට
මා අකමැතිමුත්
මේ දිවි ගමනට
මා සිත කැමතිය
ජීවත් වීමට
අතපය වාරු නැතත්
සිතේ සවිය සහ
බලය ඇත
සැරයටිය පමණි පිහිටට
මමත් මිනිසෙකි
තාමත් ජීවත් වෙන
ඔබ සැම අතරේ....

❤️
ReplyDelete