කලාව
විකෘත්තියෙන් වියුක්තව
ප්‍රකෘතිය මිනිස් මනස තුළ
සෞන්දර්යාත්මක ලෙස පිළිඹිබු වීම
කලාවයි....
ජාති,ආගම්,කුලමල භේදයකින් තොරව
ඒ මහා අපූර්වත වූ කලාව නැමති මායව
ලොව වෙසෙන සෑම
මිනිස් හදවතක් තුළම
මුල් බැස ගෙන පවතී
මුළු විශ්වයම දිනෙන් දින
හිනිපෙත්තටම
ගමන් ගන්නේ
මිනිස් හදවත් තුළ ඇති
සෞන්දර්යාත්මක ප්‍රතිරූප වන
කලාව නිසාමය...
කිසි කලෙක
අහස් ගැබට හිරුත්
මහී කතට දියත්
නැතිව සිටීමට නම් නොහැක
එසේ සිදුවන්නේ යම් සේද,
මිනිස් මනසටද
කලාව නැමති මායාවෙන්...
වෙන් වී සිටීමට නම් නොහැක.


Comments
Post a Comment