ඉකිබිදි දිසාපාමොක්

 ලදු කැලෑ පිරි බිමෙහි

හිඹුටු මාදං සොයා නොවේ උන් ඇවිදින්නේ


රෑ පුරා නිදි වරා

වෙඩි හඩට බිය වැදී

සැඟවෙන්න 

තැන් සොයයි

ලදු වැටියේ තුරුවදුලේ

සියොත් කැල නිහඬ වී

ගොළු වෙලා සිටින්නේ

වියොවින්ය ළමුන්ගේ...


සාමලා අමරලා 

පොත් අතර ඉකිබිදී

පහස නැත ලබන්නේ

නැත ඇසුර ඔවුන්ගේ


පන්ති කාමරය තුළ 

නිදිවරා මැළව ගිය

නෙත්වලින් යදින්නේ

සාමයයි,නිදහසයි

අකුරු කරන්නට මිසක්

පිපාසා  නැත ඔවුන්ට

ඉකි බිදියි හදවතින් දිසාපාමොක් ඇදුරු...



Comments

Post a Comment

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔