හිරිමල් යෞවනය 🤘
කෙළි කවටකමින් සිනහව සැම විටම
මුව තුළ දරාගෙන
දඟකාරකම් සිත් තුළ පුරවාගෙන
කෙළි දෙලෙන්
ගෙවනා ජීවිතය
ඉමක් කොනක් නැති
හැඟීම් දැනීම් සිත් තුළ
සිර කරවාගෙන
දුක සැප එකසේ
තුරුළු කරගෙන
ගෙවනා සැම මොහොතම සරලය සැහැල්ලුය...
ඒ චමත්කාර වූ
හිරිමල් යෞවනය
ජය ටැඹ කරා යාමට
දරනා උත්සහය
මල්ඵල ගැන්වෙන මොහොතේදී මෙන්ම
වැටෙනා සැම මොහොතේදීම
වෙරදරා නැගීසිටින්නේ
ඒ දඟකාර
හිරිමල් යෞවනය නිසාමය....
අකමැත්තෙන් වුවද සිහිකිරීමට අවසනයි
ඒ මහා සයුර නැමති
චමත්කාර වූ සුන්දර
හිරිමල් යෞවනය
අප හා රැදී පවතිනුයේ
ස්වලපවූත් අල්පවූත්
කාලයක් පමණි...
ඒ අල්ප වූ කාලය
විනාශයට බිළි නොදී
සමනලුන් මෙන්
ගුවන් ගැබ සිසාරා
අහස් විල්තෙර
පියඹා යමු
රිසිසේ.....🤷

Comments
Post a Comment