එතර කතරක තනි වූ කත
දුක දැනී හඩන විට
හදවතට ළං වෙලා
කියයි හිස අත ගගා
නාඩන් රත්තරං ...
මලක පෙති එකිනෙක සිඹින
සිහිල් පිණි බිදු සේ
දරුවන්ගේ හදමඩල සනසන
සුපෙම් මල් වැස්ස නුඹ විය...
මැටි ගෙබිම උඩ දුවන
පුංචි දෝණිගේ පා සගල
රතු පලස් මත හොවන්නට
සිනහ වෙමින් හද පුරා..
කරන්නට අන් කිසිවක් නැත
හද ගින්න වල දමා
සොයන්නට ඒ සිහින මාවත
තනි වුණ නුඹ එතෙර කතරක....
කටුක වුවත් ඔය දිරිය හද තුළ
වාසනා මල් පොකුරු පිපියන්
රැගෙන දෝතට සිනහ මල් පැණි
නැවත එන්න නුඹ අඳුර බිඳලන්න ...

.jpeg)
❤️
ReplyDelete❤️
ReplyDelete