උරුමය

 

සියවස් ගණනක

සොඳුරු  අතීතය

සමරමූ පුතුනේ 

හද බැතියෙන්...

ඔබගේ මව්බස

හෙළබස හෙළදැය

එකම දම්වැලේ 

පුරුක් දෙකක් මිස

අරුත් දෙකක් නොව

අනුරපුර පොළොන්නරු

යුගවලදී ලියන ලද

අකුරු වැල් තුළ රැඳී

ඇත්තේ හෙළබස් වහර

පුස්තකාල පොත් අතර

පන් හිදෙන් කරන ලද

හපන්කම් බලන්

පුත...

ඒ ඔබේ උරුමයයි

ඔබේ මුදු පුංචි සිත

ගත් සොඳුරු 

මුදු හැඟුම්

ලියන්නට රස මවා

අද අදම සිතෙන් 

පුත නුඹට...

Comments

Post a Comment

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔